Saturday, October 20, 2012

පාවුලේ කොයියෝ ගේ නවතම කෘතිය -- Manuscript found in Accra

පාවුලේ කොයියෝ ගැන හැදින්වීමක් කිරීම අවශ්‍ය නැතැයි මා සිතමි. ඔහුගේ ශ්‍රේෂ්ටතම කෘතිය (Master Piece) ලෙස සැලකෙන The Alchemist (සන්තියාගෝ නම් සැරිසරන්නා) ඇතුළු බොහෝ පොත්  සිංහල බසට පරිවර්තනය වීම ඇත්තෙන්ම සිංහල පාඨකයා ලද භාග්‍යකි. මේ වසර ඔහුගේ පාඨකයන්ට අතිශයින්ම සුවිශේෂී වනු නොවනු මානය ඒ අන් කිසිවක් නිසා නොව ඔහුගේ නවතම කෘතිය මේ වසරේදී එලි දැක්වෙන නිසයි.

නමින්  එය Manuscript found in Accra
                           අක්රා වලින් සමුවූ අත්පිටපත.

මෙම නවකතාව ගෙතෙනුයේ ප්‍රබන්දයක් හා සත්‍යය මුසුවූ ග්‍රීක ඉසිවර Copta වටාය. ඔහුව සමුවන්නේ ඉංග්‍රීසි ජාතිකයෙක් සියවස් ගණනකට පසු සොයාගන්නා මෙම අත්පිටපතෙනුයි

පුත්ගලයන්  දෙදෙනුකු ප්‍රබන්දයක් දකින ආකාරය තේරුම් ගැනීමට අමාරු රචකයන්ට පමණක් නෙමෙයි ඒක හැමෝටම එසේමයි. අපි ජිවත්වෙන්නේ අපි සත්‍යයි කියල හිතන දේවල් වලට අපිම උත්තර සොයාගෙන ඒක සත්‍ය නොවුන බව දැන දැනත්.

මෙම දේවල් කොයියෝ  පවසා තිබුනේ ජිනීවා නුවර තිබුන සම්මුඛසාකච්චාවකදී. 

තවද ඔහු පවසා තිබුනේ මෙම කතාව පදනම් වන්නේ සාරධර්ම මත (based on values) සාරධර්ම කවදාවත් මුසාවන් නෙමෙයි. ඒවා කාලයෙන් කාලයට ඉදිරියට ගමන් කරනවා.

මෙම  නාමික අත්පිටපත 1307 දී Copta සහ ජෙරුසෙලම් ජනතාව අතර ඇතිවූ හමුවීමක් ගැන වෙනස් අයුරකින් බැලීමක් මෙය සිදුවී ඇත්තේ 11වන ශතවර්ෂයේ කුරුස යුද්ද කරුවන් පැමිණීමට පෙරයි.

පාවුලේ කොයියෝ එක් භාෂාවකට පමණක් අයත් නොවන ලේඛකයකු නිසා විවිද භාෂාවලින් මේ වන විටත් මෙම කෘතිය ගැන සංවාදයන් ගොඩනැගී ඇත.

ඇමේසන් වෙබ් අඩවිය මේ වන විටත් පොත සඳහා April 2013 සඳහා Pre-Orders බාරගනු ලැබේ. 

වැඩි  විස්තර සඳහා Official Face Book Group   
                             Official Blog වෙත පිවිසෙන්න. 

Friday, October 19, 2012

මොන්ගොලිනයානුවනී -- විශාරද නන්දා මාලිනි

මොන්ගොලිනයානුවනී කහ වන් ආසියාවේ 
පොකෙසියනුවනී සුදුවන් යුරෝ දේසේ.. 

මෙම ගීතය මිට පෙර අසා තිබෙනවාද.... මම මුලින්ම මේ ගීතය ඇහුවේ Nihal Gurusinghe ලියන "යතාර්තවාදියා" බ්ලොග් එකෙන්.. 
  
මොකක්හරි හේතුවක් හින්දා එම ගීතය මගේ හදවතට වැදුනා.. එය මම Youtube වල හෙව්වට මට හම්බවුනේ නැහැ අඩුම තරමේ ගුණාත්මක mp3 ගීතය ලැබුනෙත් පසු කලක.
මට  ඕනේ වුනා එදාම මෙයට Lyrics Video එකක් හදලා Youtube එකට දාන්න.. ඒවුනාට අදතමයි එක කරගන්න පුළුවන් වුනේ.. 

ගීතයේ වචන... 

මොන්ගොලිනයානුවනී කහ වන් ආසියාවේ 
කොකේසියනුවනී සුදුවන් යුරෝ දේසේ 
නිග්‍රෝ වරුනී කළුවන් අප්‍රිකාවේ 
උරය පලා සැතකින් බලා රුහිරු 
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු 


සිංහල ජනයිනි රුහුණු මායා පිහිටි රටේ 
දමිල ජනයිනි යාපා පටුනේ මඩකලපුවේ ත්‍රිරිකුණාමලේ 
මුස්ලිම් ජනයිනි බේරුවල හම්බන්තොට තිහාරියේ 
උරය පලා සැතකින් බලා රුහිරු 
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු 

බොදුනුවනි දන් පින්හි යෙදෙන පන්සලේ 
කිතුනුවනි යදින යාතිකා දෙව්මැදුරේ 
මුස්ලිමුනි කියන කුරානය පල්ලියේ 
උරය පලා සැතකින් බලන් රුහිරු 
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු 

බමුණනි වරෝ වෙල්ලාවට පූන නුලෙන් දියලනු බැඳගෙන 
රජකයිනි ගනිවු සිහසුන වේල්ල හැලියෙන් සෝදා අතපය 
සිහල ගිනි දන්ඩේ දමිල වෙඩි උණ්ඩේ
ගෝත්‍රවාදී ඉලක්ක වලකා සිහලුනේ යමවු යාපා පටුනට
දමිලයිනි වරෝ  රුහුණට 
උරය පලා සැතකින් බලන් රුහිරු 
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු

මෙම ගීතයට විචාරයක් දෙන්න මම දන්නේ නැහැ එහෙම ඕනෙත් නැහැ..
නමුත්  යුද්දය තිබුණු කාලේ ලියවුන මෙම ගීතය කොතරම් එකලට ගැලපෙන්න ඇත්තද..


 

Monday, August 20, 2012

නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය අපට අහිමි කලේ විදුලිය පමණද?

නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය

කරුණාකර තෙරුම් ගන්න්න. මේ කතාකරන්නේ හඬක් නැති අය වෙනුවෙන්. එතකොට කවුද මේ හඬක් නැති ඇත්තෝ. ඒතමයි සුළඟ, ජලය,පොලව, මම කතාකරන්නේ ඒ අය වෙනුවෙන්. මේ ගන්න තීන්දුව වැරදිනම් ලැබෙන්නේ වැරදි ප්‍රතිපල. එකෙන් මේ සුළඟ වැනසේවි.ජලය දුෂණය වේවි. පොලව නිසරු වේවි. එතකොට කවුද මේ පොලව ජලය සුළඟ පාවිච්චි කරන්නේ ජනතාව. සමස්ත ජනතාව මේ ඉදි කරන්නැ යන තාප බලා ගාරයේ විරෝදය ත්‍රිකුණාමලයෙන් පටන්ගෙන දකුණට ගිහින් ආපසු පුත්තලමට ඇවිත්. එතකොට මෙතැනදී ආපු ප්‍රශ්නේ තමයි ඇයි අනිත් තැන්වලදී මේක ප්‍රතික්ෂේප වුනේ. ඒකට දුන්න අපුරු උත්තරයක්‌. ඒ මේක මෙම ප්‍රදේශය ජන ශුන්‍ය ප්‍රදේශයක් වීම මෙතන ජනගහනයක් නැත. නමුත් ඒක බොරුවක් මෙතන ජනගහනයක් ඉන්නවා. එතකොට ඒ ඉන්න තැනක මේ වගේ කටයුත්තක් ජනතාව ගැන නොසලකා කරනවානම් ඒක අපිට මෙහෙම කියන්න පුළුවන්.
ජනතාව ගැන නොසලකන සංවර්ධනයක්. මෙන්න මේ හින්දයි අපි මේක ප්‍රත්ක්ෂේප කරන්නේ.

මේ  අද ඊයේ පල වූ ලිපියක් නම් නෙමෙයි, අදට වසර 20කටත් ඉහතදී (1994ට ඉහතදී) අතිඋතුම් ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් මාක්ස් රදගුරු තුමා ලිවූ ලිපියක පළමු ජේදයඅදට කෙතරම් ගැලපේදැයි මට සිතේ..

සංවර්දනය රටකට අතිශයින් අවශ්‍යවන මුත් ජනතාව ගැන නොසලකන සංවර්දනයකට වැඩි ආයුෂ නැති බව දැන් අපට පැහැදිලි වී ඇත.. දැන් අප විදුලිය නොමැතිව කල් ගෙවන්නේ අතීතයේදී පාලකයනේගේ වරදින්  සිදුවූ අතපසුවීම් වලින් බව කිසිවකු පිළිගන්නේ නැත.. 


මේ මනුෂ්‍යයන්ට මුලික අයිති වාසිකම් දෙකක් තියෙනවා. ඒතමයි වාතය සහ ජලය. කාටවත් බැහැ මේවා විනාශ කරන්න සංවර්දනයේ නාමයෙන්. මේ කතාවල් රජයකට විරුද්දව කරන කතා නෙමේයි. මේ ජනතාවගේ හඬ. පරිසරයේ හඬ. වාතයේ හඬ. සුළඟේ හඬ.
අපිට පුළුවන් නිවාස ප්‍රශ්න ඉඩම් ප්‍රශ්න විසදන්න නමුත් අපිට පුලුවන්ද සොබාදර්මයේ ප්‍රශ්න විසදන්න. ඒක ලොකු බලවේගයක් අපිට අතතියන්නවත් හිතාගන්නවත් බැරි තරම්. 
අනිත් වැදගත් කාරණය තමයි මේ ගල් අගුරු බලාගාරය පුජනිය ස්ථානවලට බලවත් හානියක්. මේ පුත්තලමේ තියන අම්මතොට්ටම කියන පුජනිය ස්ථානයට, තලවිල සාන්ත ආනා දෙව් මැදුරට, අනුරාදපුරේ ශ්‍රීමහා බෝධියට, මහමෙවුනා සමාධි පිළිමයට. ඒක වෙන්නේ මෙහෙමයි වාරකන් කාලෙට වැඩිපුරම දරුණු වෙන්නේ පුත්තලම් ප්‍රදේශයට වාරකන් සුළඟ හරි වේගවත්. මේ සුළඟ කෙලින්ම යන්නේ රජ රටට හැතැප්ම එකසිය විස්සක් විතර දුරට යනවා මේ ගල අඟුරු ඩස්ට් එක ශ්‍රී මහා බෝධීන් වහන්සේට වදුනාහම මොකද වෙන්නේ. උන් වහන්සේ අපවත් වෙන තැනට කටයුතු යෙදේවී. සමාධි බුදු පිළිමයට වැදුනාහමමොකද වෙන්නේ උන්වහන්සේගේ ශරීරය පුරා කළු තිත් ඒවි. මේකද සංවර්දනය මේවා හොඳ වැඩද? 

මේ උන් වහන්සේ අදට දශක කිහිපයකට ඉහතදී දැක්ක දේවල්.. අඩුම තරමින් පරිසර දුෂණය බාරිරතා බැහැර කරමුකෝ.. නමුත් අදවනවිට සියල්ල අකර්මන්‍ය වෙලා දුෂණය පමණක් ඉතුරු වෙමින් විදුලියත් නොමැති වෙලා.. 

එයත් එතුමන් එකල දැක තිබුනා..


මෙතන තාක්ෂනය වැරදි. තාක්ෂනය කරණය අය නෙවෙයි. දැන් මේ මැෂින් ගෙනාවා ගේන්නේ චීනෙන්. කලින් කිව්වා ජපානේන් කියලා හරි කමක් නැහැ චීනෙන් ගෙන්වන මැෂින් වල වගකීම මොකක්ද? තත්වෙන් ඉහල බවට මේ ලැබෙන මැෂින් මේ වගේ ශුෂ්ක, ලවන ප්‍රදේශ වලට සුදුසු ඒවාද? ඒවායේ ප්‍රමිතිය ඉහලද කවුද මේක නඩත්තු කරන්නේ චින්නුද නැතිනම් ලංකාවේ අයද නැතිනම් කොන්ත්‍රාත් බාරගත්ත අයද? ඒ අයට තියෙන සුදුසු කම මොනවාද? ලංකාවේ තාක්ෂණ ශිල්පින් පුහුනු කරනවාද  චීන සමාගම මේක නඩත්තු කරන්නේ දිගටමද? නැතිනම් එක්තරා කාලෙකටද ඒ කාලය කුමක්ද අමතරකොටස් මොනවද ඒවා තියෙනවද පටන්ගන්නකොටම අමතර කොටස් ගබඩා කරනවාද?

මේ  ප්‍රශ්න අපි ඇහුවා. නමුත් ඒකට උත්තර ලැබුනේ නැහැ. මේ තත්වයන් යටතේ එකක් පැහැදිලි මේක මේ දෙන තාක්ෂනය ක්‍රියාත්මක කරන්න කරන වැඩක් බව. ඒ ඇරෙන්න වෙන දෙයක් නැහැ. ඒ නිසා පවත්වාගෙන යන්න බැහැ. පවත්වාගෙන ගියත් වැඩක් නැහැ. මේක මෙහෙම යනකොට කැඩේවී. ඊළඟට ආයිත් හදාවි ආයිත් කැඩේවී අන්තිමට ගිනි ගනීවි.

මේබලාගාරයට සහයෝගය දක්වන විද්වතුන් කියන දෙයක් තමයි රට තුල ඉතා අඩු මිලට විදුලිය දෙන්නපුළුවන් කියන එක නමුත් ඒක කරන්නේ කොහොමද දුවන්නේ නැති බලාගාරයකින්..

චීනයෙන්  මෙයට දැරූ වියදම-- මුලු වියදම රුපියල් මිලියන 58,515කි.
වීන ආධාර (Exim Bank of China) – රුපියල් මිලියන 50,500
ශ්‍රී ලංකා රජය – රුපියල් මිලියන 1500 (නමුත් 2008 අත වැය මගින් එය රුපියල් මිලියන 8456 දක්වා ඉහළ දැමීය)

මෙතැනදී තව දෙයක් තියෙනවා චීනෙන් ගල් අගුරු ලාබෙට ලැබෙනවාලු නමුත් ඒක බොරුවක් ඇත්ත මේකයි.
මේ ගල් අගුරු බලාගාර දැන් ප්‍රතික්ෂේප වීගෙන යනවා ඒ හින්දා ඒවා ඉවත් කරනවා. විශේෂයෙන්ම චිනේ ගෙන්දගම් වැඩිපුර තියෙනවා ඒත් ඒවා කවුරුත් ගන්නේ නැහැ ඉතින් ඒවා ඉතුරුයි. දැන් ඒවා ඉවත් කරන්න ඕනේ. ඒ කියන්නේ විකුනන්න ඕනේ ඉතින් මේ හින්දා තමයි මේ කරුණාව. ගන්න අයට අඩුවෙන් දෙනවා ඒ මදිවට තව ණයත් දෙනවා යන්ත්‍ර සුත්රත් දෙනවා ඉදිකිරීම් පරිපාලනය කරලත් දෙනවා කාර්මිකයොත් පුහුණු කරලා දෙනවා..
ඉතින් ලංකාව අහු වෙනවා...

දැන් ඉතින් අපි ගැටයට කොහොමත් අසුවී අවසානය...

විදුලි බල අමාත්‍ය තුමන්ට අනුව මෙය ඉදිවූ තැනත් සහ කාලයත් වැරදිය...
නමුත් ඉදිකරේ එතුමන්ගේ ආණ්ඩුවයි!!! 


මුහුදේ පරිසරය විකුර්ති වෙනවා මත්ස්‍ය පරපුර විනාශ වෙනවා මේ පරිසර සමුද්‍ර ජීවි ආදීකාරියේ රියර් අද්මිරාල් සමරතුංග මහතා.. 

මා හට අවසානයේ සිතුනේ එක් දෙයක් පමණයි තවදුරටත් මෙවැනි  "ජනතාව ගැන නොසලකන සංවර්ධන'' කොතරම් ප්‍රමාණයක් අද දිනයේ සිදුකිරීමට ගිවිසුම් ගසනවා ඇත්ද?? කිසිදු ලාංකීය මාද්‍යයකට මේවා පෙන්නේ නැත.. අපි ප්‍රේක්ෂකයෝ සේ සැමවිටම අතීතය ගැන දුක්‌ වෙමින් ජීවිතය වෙනදා මෙන් ගෙවන්නෙමු..



P.S-- ඉහත දැක්වූ අතිඋතුම් ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් මාක්ස් රදගුරු තුමා ලිවූ ලිපිය 19 අගෝස්තු 2012 දින මවුබිම පුවත්පතේ 07 පිටුවේ පලවී ඇත..එයට පහත සබැඳියෙන් කියවිය් හැක..
(දිනය 2012- 08-19  වෙනස් කර 07 පිටුව)

  • පුවත්පත්  ලිපිය සොයා දුන් අරුණි ශපීරෝ‍ හට බෙහෙවින් ස්තුතියිවන්ත වෙමි.


Sunday, April 29, 2012

ඇන්ජලෝ මැතිව්ස් යනු කවුද?

ශ්‍රීලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කියපුවාහම අපිට මතක් වෙන්නේ එක්කෝ graceful middle-order mestro කෙනෙක් හරි tubby fighter කෙනෙක්.. එසේත් නැතිනම් top-order slogger ඔය එකක්වත් නැතිනම් tricky spinner කෙනකේ,, 
                            එත් මොහු ඔය හැමෝටම වඩා වෙනස් ටෝනි ග්‍රෙග්ට අනුවනම් ඔහු  broad-shouldered. ඕනෑම විටක පන්දුවට පහරදී හෝ පන්දු යවා හෝ එසේත් නැතිනම් කෙසේ හෝ යන පන්දුවක් රැකගෙන ප්‍රතිවාදී ක්‍රීඩකයා දවා ගන්නා මද වේග පන්දු යවන තුන ඉරියව් ක්‍රීඩකයෙක්...

මේ Jarrod Kimber නැමති ඕස්ට්‍රේලියානු මාධ්‍ය වේදියා ඇන්ජලෝ මැතිව්ස් ගැන 02/10/2012 espncricinfo වෙබ් අඩවියේ තබා තිබු සටහනක්.. විදෙස් මාධ්‍ය ඔහුව මෙසේ වර්ණනා කරන්නත් ශ්‍රිලංකාවේ මාධ්‍ය ඔහුට එලව එලවා සැමවිටම පහර දෙන්නත් හේතුව කුමක්ද?  

මා ඇන්ජලෝ ගැන හොඳක් කවදාවත් ලංකාවේ පත්තරවල කියවා නැත.. ඔහුගේ එක අසාර්ථක වීමකදී  ඔහු සැමටම වැරදිකරු වෙයි.. නමුත් ඔහු විසින් ශ්‍රීලංකා කණ්ඩායම කොතරම අවස්ථාවල පරාජයෙන් ගලවා ඒවා ජයග්‍රහණයන් බවට පරිවර්තනය කර ඇත්දැයි සැමටම අමතකය...

ඇන්ජලෝ මැතිව්ස් ගැන මට මෙසේ ලියවිය යුතුයි සිතුනේ මේ ඉරිදා මා කියවූ 'රිවිර' සහ 'ලංකාදීප' පුවත්පත් වල ඔහු සම්බන්දව පළවී තිබු ලිපී මා සිත් වේදනාවට පත් කිරීමයි.. 

ලංකාදීපේ "කාංචන දසනායක" ඇන්ජලෝගේ ශරීරය නම් කර තිබුනේ 'නිතර ලෙඩ රෝග වැළදෙන' එකක් ලෙසය. ඔහුට එය පැවසුවේ කවුද යැයි මම නොදනිමි.. නමුත් මෙය ශ්‍රීලංකාවේ සෑම් වේගපන්දු යවන්නෙකුටම බෝවන රෝගයක් බව ඔහුට අමතක වී ගොසිනි.. ටෙස්ට් සෙල්ලන් කරන වේග පන්දු යවන සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, චානක වෙලගෙදර, තිසර පෙරේරා, මේ සෑම ක්‍රීඩකයකුටම මට හැඟෙන පරිදි ඇත්තේ  'නිතර ලෙඩ රෝග වැළදෙන' ශරීරයන්ය, මොකද මේ කිසිම ක්‍රීඩකයකු එක දිගට අබාදයන්ගෙන් තොරව කණ්ඩායමේ සිට නැත..

ක්‍රිකට් ක්‍රීඩකයකුගේ රැකියාව ක්‍රිකට් ක්‍රීඩා කිරීමයි.. ඔහුට මුදල් ලැබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාකිරීමෙන් මිස පිට්ටනියට වතුර ඇදීමෙන් නොවේ..  එසේනම් ක්‍රීඩකයන්ගේ ආර්ථික තත්වය ගැනත් සාධාරණව සලකා බැලිය යුතුය..

මේ පුවත් පත් ලිපි වලින් පෙනී යන්නේ මැතිව්ස් මුදලට පමණක් ක්‍රීඩා කරන්නෙකු බවයි නමුත් ඔහූ  ඔස්ට්‍රේලියාවේදී, තමා තම මව්බිම අවසාන පන්දුව තෙක් හෝ සටන් කර පරාජයෙන් ගලවා ගන්නා බව එක්වරක් නොව දෙවරක්ම සනාත කළේය.. එපමණක් නොව 2010 වසරේ පවතී T20 ලෝක කුසලාන ඉන්දියාව සමඟ පවතී තරඟයේදී අවසාන පන්දුව දක්වා තරඟය රැගෙන ගොස් එය ජයග්‍රහණය කිරීමට දායක වුයෙත් වෙන කවුරුත් නොව ඇන්ජලෝ මැතිව්ස්ය.. 

ඇන්ජලොට මෙසේ පහර දෙන්නේ ඔහූ ශ්‍රීලංකා කණ්ඩායමේ උප නායකයා නිසා දැයි මට වරක් සිතුනි.. ඔහූ කණ්ඩායමේ නායකයා වනවාට මෙරට පුවත්පත්වල කිසිම කැමැත්තක් නැත.. ඔහූගේ අතීත වාර්තා සැලකීමේදී මරදාන ශාන්ත ජෝසප් විදුහලේ නායකත්වයට පත්ව එතනින් නොනැවතී ශ්‍රීලංකා වයස අවුරුදු 19 කණ්ඩායමේ නායකයා බවට පත්වී ක්‍රමානුකුලව ශ්‍රීලංකා කණ්ඩායමේ උප නායක දක්වා ඔහූ පැමිණ ඇත.. ඔහූට කැපිලි කෙටිලි නැතිනම් ඔහූ මීළඟ ශ්‍රීලංකා කණ්ඩායමේ නායක බවට කිසිඳු තර්කයක් නැත.. මෙය නවත්වන්න ඔවුන්ට උවමනාදැයි මාහට සැකයක් ඇත..

ඔහුගේ නායකත්ව ලක්ෂණ මැනවින් පිටිය තුල සැමවිටම ප්‍රදර්ශනය වේ.. එංගලන්තයෙහි සුප්‍රසිද්ද ඕවල් ක්‍රීඩාංගනයේදී අනාගත ශ්‍රීලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරණ බලාපොරොත්තුව වන දිනේෂ් චන්දිමාල්ගේ ශතකය උදෙසා නායකයාගෙන් බැනුම් අසාගෙන ඊට ඉඩ දුන්න සැටි අපිට මතකය..  එය ඔහු හා තම සහෝනදර ක්‍රීඩකයන් සමග  ඇති බැඳීම මනාව කියා පායි..  

ලංකාදීප පුවත්පතේ කාංචන දසනායකට අන්ජලෝට හිමිවන අවස්ථා දෙකක් ගැන සඳහන් කර ඇත.. ඒ සංගා, මහේල, අරවින්ද , මුරලි වැනි ශ්‍රිලංකාවේන් බිහිවුන තරුවක් බවට පත්වීම හෝ ශ්‍රීලංකාවෙන් බිහිවුන ධනවත්ම ක්‍රීඩකයා බවට පත්වීමයි.. නමුත් මගේ මතයනම් ඔහූ දැනටමත් ශ්‍රිලාංකිය ප්‍රේක්ෂකයන්ගේ හදවත් වල  තරුවක් බවට පත් වී අවසානය ඔහුට ලංකාවෙන් බිහිවූ  ධනවත්ම ක්‍රීඩකයා නොව ලෝකයෙන්ම බිහිවූ ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා වීමේ වරම ලැබේවා යන්න මගේ පැතුමයි... 


-ඔබටත්ඇන්ජලෝ මැතිව්ස්ගේ දස්කම් අමතකනම් පහත වීඩියෝ කිහිපයක් නරබා ඒවා නැවත මතක් කර ගන්න. ඔහූ සැබවින්ම දක්ෂයෙක්..
 
ඔස්ට්‍රේලියාවට එරෙහිව ජයගත් විස්වාසකල කල  නොහැකි පිති හරබය.
 
මෙවැනි පන්දු රැකීමක් වෙනත් ක්‍රීඩකයකුගෙන්  දැක තිබේද ?
 
ඔහුගේ පන්දු යැවීම..

Followers